'ආරක්ෂිත බල හුවමාරුවක් සිදුවන තුරු' එක්සත් ජනපදය වෙනිසියුලාව 'පාලනය කරන' බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

Image Not Found
Image : Getty Images

"ආරක්ෂිත, නිසි සහ විචක්ෂණශීලී බල හුවමාරුවක් කළ හැකි කාලයක්" ලැබෙන තුරු එක්සත් ජනපදය වෙනිසියුලාව "පාලනය කරන යන" බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙහෙයුමේදී කිසිදු ඇමෙරිකානු සෙබළෙකු මිය නොගිය බවත්, අවශ්‍ය නම් වෙනිසියුලාවට දෙවන "හා ඊටත් වඩා විශාල" ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය "සූදානම්" බවත් ජනපති ට්‍රම්ප් පැවසීය.

මදුරෝට සිදු වූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් තේරුම් ගත යුතු බව ට්‍රම්ප් සඳහන් කළේය.

"වෙනිසියුලානු ජනතාව නැවතත් නිදහස්," ඔහු කියා සිටියේය. අද ඇමෙරිකාව "ආරක්ෂිත" සහ "ආඩම්බර ජාතියක්" යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇමෙරිකානු හමුදා විසින් වෙනිසියුලා ජනාධිපතිවරයා අල්ලා ගන්නා ලද මෙහෙයුම ජනපති ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබුවේ,"ඇමෙරිකානු ඉතිහාසයේ ඇමෙරිකානු හමුදා ශක්තිය සහ නිපුණතාවයේ වඩාත්ම විශ්මයජනක, ඵලදායී සහ බලගතු ලෙස ප්‍රදර්ශනය" කිරීමක් ලෙසයි.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ යු.එස්.එස් ඉවෝ ජිමා (USS Iwo Jima) නෞකාවේ රඳවා සිටින අයුරු දැක්වෙන බව කියන ඡායාරූපයක් ද ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

Image Not Found

වෙනිසියුලාව සමඟ එක්සත් ජනපද "හවුල්කාරීත්වය" වෙනිසියුලාවේ ජනතාව "පොහොසත්, ස්වාධීන සහ ආරක්ෂිත" බවට පත් කරනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.

එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයන් මේ පිළිබඳ "අතිශයින් ම සතුටු වනු ඇතැයි" ඔහු තවදුරටත් පැවසීය.

"ඔවුන් තවදුරටත් දුක් විඳින්නේ නැහැ," ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප් කියා සිටියේය.

"මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක්" එක්සත් ජනපදයට යැවීමට වගකිව යුතු " අනීතික ඒකාධිපතියෙකු" ලෙස ට්‍රම්ප් විසින් මදුරෝව හැඳින්වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 'කාටෙල්' අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළේය.

'කාටෙල්' නායකයෙකු බවට එල්ල කරන චෝදනා මදුරෝ මීට පෙර තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.

Latests Posts