MrBeast becomes the first creator to reach 500 million subscribers on YouTube

Image Not Found
Image : Jemal Countess / Getty Images for TIME

ලොව පුරා අතිශය ජනප්‍රිය යූටියුබ් තරුවක් වන MrBeast සිය YouTube නාලිකාවේ ග්‍රාහකයන් මිලියන 500 දැවැන්ත සීමාව පසුකර යාමට සමත් වී තිබෙනවා.

මේ සමඟින් ලෝක YouTube ඉතිහාසය තුළ මෙවැනි අතිවිශාල ග්‍රාහකයන් ප්‍රමාණයක් ලබාගත් ලොව පළමු සහ එකම පුද්ගලයා බවට පත්වීමට Jimmy Donaldson හෙවත් MrBeast හට හැකියාව ලැබී තිබෙනවා.

ඔහු විසින් මෙම ඓතිහාසික අවස්ථාව සජීවීව සිය රසිකයන් සමගින් සමරා ඇති අතර අදාළ සජීවී විකාශය සඳහා ලක්ෂ 6ට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් එකවර සම්බන්ධ වී සිටි බව ද ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් තහවුරු කර සිටිනවා. පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවට මෙම සජීවී විකාශය පැවැත්වී තිබෙනවා.

මීට පෙරද ලොව වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින නාලිකාව මෙන්ම වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින පුද්ගලයා ලෙසද ඔහු වාර්තා අතරට එක්ව සිටියා.

MrBeast හෙවත් James Stephen Donaldson YouTube හි ඔහුගේ නාලිකාව ආරම්භ කරන ලද්දේ ඔහු 13 වියේ පසු වන විට 2012 වසරේ වන අතර ග්‍රාහකයන් 100,000 සීමාව පසු කරන ලද්දේ 2016 වසරේදීය.

Years MrBeast gained subscribers,

▫️100,000 subscribers 2016
▫️1,000,000 subscribers 2017
▫️10,000,000 subscribers 2018
▫️50,000,000 subscribers 2021
▫️100,000,000 subscribers 2022
▫️200,000,000 subscribers 2023
▫️300,000,000 subscribers 2024
▫️400,000,000 subscribers 2025
▫️500,000,000 subscribers 2026

පසු ගියදා MrBeast විසින් සිය නිල YouTube නාලිකාවේ ග්‍රාහකයින් මිලියන 500 සීමාව පසු කිරීම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම සුවිශේෂීව නිර්මාණය කරන ලද විශේෂ Custom Play Button සම්මානය පිරිනමා තිබෙනවා. ඔහු වෙත මෙය නිල වශයෙන් පිරිනමා ඇත්තේ YouTube ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Neal Mohan විසිනුයි.

මීට පෙරද මිලියන සීමාවන් පසු කිරීමේදී ඔහුගේ ලාංඡනය වන කොටියාගේ හැඩයට නිර්මාණය කළ විශේෂ සම්මාන ඔහුට හිමි වූ අතර, මෙවර ලබා දුන් සම්මානයද ඒ අයුරින්ම වෙනස්ම මුහුණුවරකින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඒ වගේම 2023 වසරේ පෙබරවාරි මස MrBeast විසින් ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමව සිටි පුද්ගලයන් 1000ට තම වියදමින් සුද ඉවත් කිරීමේ සැත්කමද කිරීමට යෙදුන අතර ඔහු විසින් YouTube ඔස්සේ උපයන ධනය සුභසාධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

Latests Posts