ශිෂ්‍යත්වේ ප්‍රතිඵල මත 6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
2026 වසරේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2027 වසරේ පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාළ පාසල්වල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට ලබාගත හැක.
මීට අමතරව, සිසුන්ට හිමි වී ඇති පාසල කුමක්ද යන්න https://g6application.moe.gov.lk යන වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලීමේ පහසුකම් සලසා දී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉහළ ම කඩඉම් ලකුණු සීමාව ලෙස ලකුණු 174ක් අවශ්‍ය වන්නේ, කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ය.
සිංහල මාධ්‍ය බාලිකා පාසල් සඳහා වැඩි ම කඩඉම් ලකුණු ඇත්තේ, කොළඹ විශාඛා විද්‍යාලයට ය. ඊට ඇතුළත් වීම සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාව 173කි.
පාසල් සඳහා කඩඉම් ලකුණු පහත දැක්වේ.
