මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය නොවැම්බර් 21 වනදා රාත්‍රියේ සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හෝ කණ්ඩායම, භාවිත කළ තාක්ෂණික ක්‍රමවේදය සහ ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නැත.
පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත, වාහන ලියාපදිංචි තොරතුරු හෝ රියදුරු බලපත්‍ර සම්බන්ධ දත්ත අනවසරයෙන් ලබාගෙන තිබෙනවාද යන්න මෙතෙක් තහවුරු වී නැත.
මෙම ප්‍රහාරය හේතුවෙන් නාරාහේන්පිට පිහිටි DMT ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි කටයුතුවලට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසා සිටියේ, මෙම සයිබර් ප්‍රහාරයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට (Appointment) බලපෑම් එල්ල වී නොමැති බවයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෑතකදී බරපතළ අවදානම් හඳුනාගෙන ඇති පසුබිමකයි.
2026 ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය වෙබ් අඩවි 80කට වැඩි සංඛ්‍යාවක මෘදුකාංග ආරක්ෂක දුර්වලතා පිළිබඳ වාර්තා පළවී ඇත.
