යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණි.
අදාළ ගැටුම විශ්වවිද්‍යාල සිසුන් නවාතැන්ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ සිදුව ඇති අතර, එහිදී සිසුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව ගැටුමට සම්බන්ධ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අනතුරුව ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම ගැටුමට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කළේ, අදාළ ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවූවක් වුවද, ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන සියලු විමර්ශන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පරිපාලනයේ සහය ලබාදෙන බවය.
