ස්පයිඩර්-නොයර්: ප්‍රයිම් වීඩියෝ මාලාව කළු සහ සුදු විකල්පය ලබා දෙයි

Image Not Found
Image : Amazon Prime Video

Marvel ප්‍රේක්ෂකයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ම අඳුරු සහ රහස් පරීක්ෂක අත්දැකීමක් රැගෙන එන Spider-Noir කතාමාලාවේ පළමු කතාසමයේ කථාංග 8ම මේ වන විට Amazon Prime Video හරහා නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

1930 දශකයේ නිව්යෝර්ක් නගරය පසුබිම් කරගත් මෙහි ප්‍රධාන චරිතයට සුපිරි හොලිවුඩ් නළු Nicolas Cage පණ පොවන අතර, සාමාන්‍ය සුපිරි වීර කතාවලට වඩා වෙනස් අපරාධ විමර්ශන මුහුණුවරක් මෙයින් දැකගත හැකියි.

මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ, සම්පූර්ණ කතාමාලාවම පැරණි හොලිවුඩ් චිත්‍රපට කලාවට සමානව කළු-සුදු (Black & White) ආකෘතියෙන් සහ සාමාන්‍ය වර්ණවත් (True-hue color) ආකෘතියෙන් නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දී තිබීමයි.

මීට පෙර Spider-Verse සජීවිකරණ චිත්‍රපටවලදී ද මෙම චරිතයට හඬකැවීම් සිදුකළේ ඔහු විසින්ම වුවත්, මෙම සජීවි-ක්‍රියාදාම කතාමාලාව ඊට වඩා වෙනස්ම කතාවක් රැගෙන එන බවයි නිර්මාණකරුවන් පවසන්නේ.

සුපුරුදු පරිදි ලෝකය බේරාගැනීමට සටන් කරනවාට වඩා, පුද්ගලික ඛේදවාචකයකින් පසු තම අතීතය වසන් කරගෙන සාමාන්‍ය රහස් පරීක්ෂකයෙකු ලෙස ජීවත් වන Ben Reilly, අභිරහස් සිදුවීමක් සමඟ නැවතත් අපරාධලෝකයේ රහස් හඹා යාමට පටන් ගැනීම වටා මෙහි කතාව ගෙතී තිබෙනවා.

Latests Posts