The Adventures of Tintin 2 නිල වශයෙන් නිර්මාණය වෙමින් පවතින බව පීටර් ජැක්සන් තහවුරු කරයි

Image Not Found
Image : The Adventures of Tintin

2011 වසරේ නිකුත් වූ The Adventures of Tintin චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය කරන බවට ප්‍රවීණ අධ්‍යක්ෂක Peter Jackson විසින් කාන්ස් සිනමා උළෙලදී (Cannes Film Festival 2026) නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

2011 වසරේ නිකුත් වූ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රවීණ අධ්‍යක්ෂක Steven Spielberg විසින් වන අතර Peter Jackson විසින් තිර රචනයෙන් දායක වනු ලැබුවා.

මෙවර කාන්ස් සිනමා උළෙල අතරතුරදී Peter Jackson විසින් මෙම විශේෂ අනාවරණය සිදුකර ඇති අතර මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ඔහු විසින්ම සිදුකිරීමට නියමිතයි.

පීටර් ජැක්සන් පවසන්නේ තමන් මේ වන විටත් චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිටින බවත් සිනමා උළෙලට සහභාගී වන අතරතුර පවා එහි වැඩකටයුතුවල නිරත වූ බවත්ය. මුල් චිත්‍රපටයෙන් පසුව රසිකයන් වසර ගණනාවක් තිස්සේ මෙහි දෙවන කොටසක් බලාපොරොත්තුවෙන් සිටි අතර මෙම පුවතත් සමඟ ලොව පුරා සිටින ටින් ටින් රසිකයන් තුළ විශාල උද්යෝගයක් ඇති වී තිබෙනවා.

Latests Posts