Meta නිහඬව Forum නමින් නව Reddit වැනි යෙදුමක් දියත් කරයි

Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලාවන්හි හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් Reddit වේදිකාවට සමාන මුහුණුවරක් සහ අත්දැකීමක් ලබාදෙන Forum නමින් නවතම App එකක් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
මෙම යෙදුමෙහි ප්‍රධානතම අරමුණ වන්නේ දැනට පවතින Facebook Groups සඳහා වෙනමම අවකාශයක් (Dedicated space) ලබාදීම සහ පරිශීලකයන්ට තමන් කැමති විවිධ මාතෘකා යටතේ ප්‍රජාවන් (Communities) ගොඩනඟා ගැනීමට සහ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනවා.
Tech commentators point out that Meta has taken this step with the aim of providing direct competition to the Reddit platform, which is currently extremely popular around the world.
කෙසේ වෙතත්, මෙම Forum යෙදුම දැනට පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බැවින් එය බාගත කරගැනීමට අවස්ථාව හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) වෙසෙන Apple iOS (iPhone) පරිශීලකයන්ට පමණි.
ප්‍රධාන Facebook ඇප් එක තුළ ඇති අධික තදබදය (Clutter) නිසා බොහෝ පරිශීලකයන් Reddit වැනි වේදිකාවලට යොමු වීම වළක්වා ගැනීමටත්, කමියුනිටි සාකච්ඡා සඳහා වෙනමම නිදහස් වටපිටාවක් නිර්මාණය කරදීමටත් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බවයි තාක්ෂණික විචාරකයන් පෙන්වා දෙන්නේ.
මීට පෙර 𝕏 (Twitter) වේදිකාවට තරගයක් දීම සඳහා Threads ඇප් එක හඳුන්වා දුන් Meta සමාගම, මෙලෙස Reddit සඳහා ද විකල්පයක් ගෙන ඒම හරහා අන්තර්ජාලයේ සමස්ත සමාජ මාධ්‍ය අවකාශයම තමන් සතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වන බව මින් තවදුරටත් පැහැදිලි වේ.
